30 March 2025


ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය දශකයක් තුළ දෙගුණයකින් ඉහළට



ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය වසර 10ක් ඇතුළත 105% කින් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 2015දී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.1ක්ව තිබූ එරට දළ දේශීය නිෂ්පාදිතය මේ වසර වන විට ඩොලර් ට්‍රිලියන 4.2ක් දක්වා දෙගුණයකින් වර්ධනය වී ඇති බවයි.
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උද්ධමන සැකසුම් දත්ත සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව පසුගිය ජනවාරියේදී ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටවල් 5 අතරින් ජපානයද අභිබවායාමට සමත්වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ 2027 වසර වන විට එම රටවල් අතර 03වන ස්ථානයේ පසුවන ජර්මනිය අභිබවා යන බලට අනාවැකි පළවී ඇති බවයි.

එම ලැයිස්තුවට අනුව ඇමරිකාව තවදුරටත් ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට බවට පත්වී ඇති අතර චීනය එහි 02වන ස්ථානයේ පසුවනවා.

(colombotimes.lk)