14 October 2025

logo

රාජිතට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව දැනුම්දෙයි



කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙක්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම ඊයේ (26) කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණයට දැනුම් දී තිබෙනවා. 

මෙම නඩුකරය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම ඉදිරියේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම්දී තිබෙනවා. 

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඔවුන් මේ වන විට අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙනවා. 

මෙම නඩුකරය යළි ජනවාරි මස 30වනදා කැඳවීමට නියමිතයි. 

(colombotimes.lk)