ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටිනා ටොබින්ග් අතර හමුවක් අද (25) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් රජය ආරම්භ කර තිබෙන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සහයෝගය ලබාදෙන බව තානාපතිවරිය සඳහන් කළා.
එමෙන්ම ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ණීය වෙළෙඳ ගිවිසුම් සහ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබෙනවා.
(colombotimes.lk)