2025 වසරේ පෙබරවාරි මාසයේ පළමු දින 20 තුළදී පමණක් සංචාරකයන් 175,436ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් පැමිණ ඇති බවයි.
ඒ අනුව මේ දක්වා 2025 වසර තුළදී සංචාරකයන් 428,197ක් දිවයිනට පැමිණ තිබෙනවා.
(colombotimes.lk)