පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දුනීසියාවේ මෝටර් රථ අලෙවිය වසරින් වසර 2.2%කින් ඉහළ ගොස් ඇති අතර එය 2023 ජුනි මාසයෙන් පසු වාර්තා වූ පළමු වර්ධනය බව එරට මෝටර් රථ සංගමයේ දත්ත පෙන්වා දෙනවා.
එම සංගමය අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය හිමි රටේ මෝටර් රථ අලෙවිය, පසුගිය වසරේ පැවති ජාතික මැතිවරණයේදී දුර්වල වියදම් කිරීම සහ මෝටර් රථ මිලදී ගැනීම් ප්‍රමාද කිරීමේ ප්‍රවණතාව හේතුවෙන් අභියෝගවලට මුහුණ දී ඇති බවයි.
සංගමයේ දත්තවලට අනුව පෙබරවාරි මාසයේදී සමාගම් විසින් අලෙවි කරන ලද මෝටර් රථ සංඛ්‍යාව ඒකක 72,295ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)