මෙරට උද්ධමනය තවත් ඉහළ යයි



ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ බව සඳහන් කළා.

එම දර්ශකයට අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය සටහන්ව ඇත්තේ සියයට 4.2ක් ලෙසයි.

මේ අතර 2023 වසරේ දෙසැම්බර් මාසයේ සියයට 1.6ක් ලෙස පැවති ආහාර උද්ධමනය මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 4.1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
(colombotimes.lk)