කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය මේ වන විට කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ කිරිබත්ගොඩ නගරයේ වෙළඳසැලක ඇති වූ ගින්නක් හේතුවෙන්.
ඒ අනුව එම මාර්ගය භාවිතා කරන්නන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය උපදෙස් ලබා දී තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
