30 December 2025

logo

TVS APACHE RTX 2026 ඉන්දීය මෝටර්සයිකලය IMOTY සම්මානය දිනා ගනියි



මේ දවස්වල ලංකාවෙත් සම්මාන උළෙලවල් වැහි වැහැලා තියෙනවනෙ. ඒ හින්දම අපි අද සම්මාන උළෙලක ලැබුණු සම්මානයක් ගැන කතා කරන්න හිතුවා. ලංකාවෙ නම් නෙවෙයි ඉන්දියාවෙ සම්මාන උළෙලකදී ලැබුණු සම්මානයක් ගැන. විශේෂම කාරණාව තමයි මේ සම්මානය ලැබුණේ මෝටර්සයිකලයකට. 

මේ සම්මාන උළෙල සංවිධානය කරලා තියෙන්නෙ ඉන්දියාවේ JK Tyre ආයතනය. ඉන්දියාවේ වඩාත් ඉහළම හා විශ්වාසදායක මෝටර් රථ සම්මානවලින් එකක් තමයි මේ JK Tyre ආයතනය සංවිධානය කරන සම්මාන උළෙල. රථ වාහනවල කාර්ය සාධනය, සැලසුම හා නවෝත්පාදන වගේ කරුණු රාශියක් මේ සම්මාන උළෙලේදී නිර්ණායක වශයෙන් සලකනු ලබනවා. මේ මෝටර් සම්මාන උළෙලේදී පිරිනමනු ලබන කීර්තිමත් ඉන්දියානු යතුරුපැදිය (IMTOY) සඳහා වන සම්මානය 2026 වසරට අදාළව දිනාගැනීමට සමත් වුණේ TVS මෝටර් ආයතනයයේ නවීනතම adventure rally toure මෝටර්සයිකලය වන TVS Apache RTX මෝටර් සයිකලය. 



TVS සමාගමේ නිෂ්පාදනයක් මෙම සම්මානය දිනාගත් පළමු අවස්ථාවත් මේක නෙවෙයි. 2017 වසරේදීත් TVS සමාගමේ Apache RTR 4V මෝටර්සයිකලය මෙම IMTOY සම්මානය දිනාගැනීමට සමත් වුණා. 



ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ මාධ්‍ය ආයතන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ වාහන මාධ්‍යවේදීන් 27 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් තමයි මේ සම්මාන උළෙලේ ඇගයීම් කටයුතු කරලා තියෙන්නෙ. සම්මාන උළෙල සඳහා ඉදිරිපත් වී තිබුණු විවිධ කාණ්ඩ නියෝජනය කරන මෝටර්සයිකල් 7ක් අතර  පැවති දැඩි තරඟකාරීත්වයකින් පසුව තමයි TVS Apache RTX මෙම ප්‍රමුඛතම සම්මානය දිනාගැනීමට සමත් වෙලා තියෙන්නෙ. මෙම ජයග්‍රහණය TVS මෝටර් ආයතනයේ නවෝත්පාදන දක්ෂතාව, කාර්යසාධනය සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ඉංජිනේරු කුසලතාවය ප්‍රදර්ශනය කරනවා කිව්වොත් ඉතාම නිවැරදියි. 

වසර 40කට අධික රේසිං උරුමයක් සහ 35 වසරක Rally අත්දැකීම් මඟින් ගොඩනැගුණු මෙම සම්මානය, සැබෑ තරඟකාරී පරිසරයක් යටතේ ලැබුණු දැනුම මත පදනම් වන බව TVS මෝටර් ආයතනයේ Premium Business ප්‍රධානී මැතිව් විමල් සුම්බ්ලු IMTOY 2026 සම්මාන ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම එළිදැක්වීමෙන් පසු TVS Apache RTX වෙත පාරිභෝගිකයන්ගෙන් ලැබුණු විශාල ආදරය, ඉන්දියාව තුළ Rally Tourer මෝටර්සයිකල් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව පැහැදිලි කරන බවත් ඉන්දියාවේ නිර්මාණය කර, ඉන්දියාවේම නිෂ්පාදනය කරන මෙම මෝටර්සයිකලය, ලෝක මට්ටමේ මෝටර්සයිකල් ඉන්දියාවෙන්ම උපත ලැබිය හැකි බවට විශ්වාසය නැවත තහවුරු කරන බවත් ඔහුගේ මතයයි. 

TVS Apache වෙළඳ නාමය මේ වෙන කොට වසර 20ක් සම්පූර්ණ කරමින් ලෝකය පුරා සිටින මිලියන 6.5ක Apache මෝටර් සයිකල් භාවිතා කරන්නන්ගේ ප්‍රජාවක් නිර්මාණය කරගැනීමට සමත් වී තිබෙනවා. 

2025 ඔක්තෝබර් මාසයේදී එළිදක්වපු TVS Apache RTX බයිසිකලය කියන්නෙ Adventure Rally Tourer කාණ්ඩයට TVS Motor company විසින් නිර්මාණය කරපු පළමු යතුරුපැදියයි. 



නව RT-XD4 299.1 cc Water Cooling engine එක මත design කරලා තියෙන මේ bike එක, Multiple Ride Modes, Cruise Control, bi-directional Quickshifter සහිත Slipper Clutch වගේම අඟල් 5ක TFT display ඇතුළු advanced technological features වලින් සමන්විත වෙනවා. අනිත් එක තමයි, Rally ආශ්‍රිත ශක්තිමත් නිර්මාණයක් වෙන මේ bike එක, දිගු ගමන් Suspension සහ ශක්තිමත් Chassis නිසා on-road වගේම off-road කියන terrain දෙකටම හොඳින්ම match වෙන bike එකක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.

වසර 100ක විශ්වාසය සමඟ ඉන්දියාව සහ ඉන්දුනීසියාව තුළ පිහිටි නවීන නිෂ්පාදන කර්මාන්තශාලා 4ක් TVS සමාගම සතු වෙනවා. එමෙන්ම TVS මෝටර් සමාගම ලෝකයේ රටවල් 80කට අධික ප්‍රමාණයකට තම සේවා සපයමින් සිටිනවා. මේ විදියට 2026 වසරටත් ඉන්දියාවේ කප් එක ගහපු TVS Apachee RTX මොකද හිතෙන්නෙ?