21 October 2025

logo

උද්ධමනය ඉහළට



2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුගිය අගෝස්තු මාසයේදී 1.5%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසය සඳහා 2.1%ක් දක්වා වැඩිවී ඇති බවයි.

එමෙන්ම ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේදී 3.8%ක් දක්වා වැඩිවී තිබෙනවා.

එය 2025 අගෝස්තු මාසයේ දී 2.9%ක් ලෙස සටහන් වුණා.

මේ අතර  2025 අගෝස්තු මාසයේදී 0.4%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේදී 0.7%ක් දක්වා වැඩි වී තිබෙනවා.

(COLOMBOTIMES.LK)