24 June 2025


උද්ධමනය ඉහළට



ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 මැයි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
 
2025 අප්‍රේල් මාසයේදී මෙම අගය වාර්තා වුණේ -0.8%ක් ලෙසයි. 

අප්‍රේල් මාසයේදී 2.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේදී  5.9%ක් දක්වා වැඩි වී තිබෙනවා.

එමෙන්ම අප්‍රේල් මාසයේදී -3.7%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේදී -3.4%ක් දක්වා වැඩි වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)