මැද පෙරදිග ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් අවම වශයෙන් වාණිජ ගුවන් ගමන් 26ක් හරවා යවා ඇති බව වාර්තා වනවා.
පසුගිය පැය කිහිපය තුළ මැද පෙරදිග ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෝ දෝහා, කටාර් වෙත යන අවම වශයෙන් වාණිජ ගුවන් ගමන් 26ක් හරවා යවා තිබෙනවා.
සමහර ගුවන් ගමන් ඔවුන්ගේ මාර්ගයේ වෙනත් ගුවන්තොටුපළවල් වෙත හරවා යවන ලද අතර අනෙක් ඒවා නැවත පිටත්ව යන ගුවන්තොටුපළට යවා තිබෙනවා.
එමෙන්ම මෙම තත්ත්වය මත උතුරු ඇමරිකාවෙන් තවත් ගුවන් ගමන් 39ක් සහ යුරෝපයෙන් ගුවන් ගමන් 210ක් සඳුදා රාත්‍රියේ මැද පෙරදිග දෙසට පිටත් වීමට නියමිතව තිබුණා.
ගුවන් අවකාශය නැවත විවෘත නොකළහොත් එම ගුවන් ගමන්ද අවලංගු කිරීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඊජිප් එයාර්, ඕමාන් එයාර් වැනි සමාගම් මැදපෙරදිග රටවලට සිය ගමන් තාවකාලිකව නවත්වන බව නිවේදනය කළා.
මැද පෙරදිග අහස ගුවන් ගමන් වලින් තොර වී ඇති අයුරු.
(colombotimes.lk)