03 September 2025

logo

ප්‍රහාරය එල්ලවූ කඳවුරේ ඇමෙරිකානු භටයන්ගේ ජීවිත ආරක්ෂිතයි



කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරේ ඇමරිකානු ජීවිත හානි කිසිවක් පිළිබඳ වාර්තා නොවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

එක්සත් ජනපද හමුදා නිලධාරීන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය කියා සිටියේ ඉරානය විසින් ඉලක්ක කරගත් එකම ඇමරිකානු හමුදා කඳවුර අල් උඩෙයිඩ් ගුවන් කඳවුර බවයි. 

කටාර් අගනුවර වන දෝහාට ආසන්නයේ පිහිටි එම කඳවුරට ඉරාන ප්‍රහාරයෙන් කිසිදු බලපෑමක් නොමැති බව එම නිලධාරියා තහවුරු කර තිබෙනවා.

අද ඉරානය විසින් කෙටි දුර සහ මධ්‍යම දුර බැලස්ටික් මිසයිල මඟින් අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට පහර දී තිබෙනවා.

නමුත් ඉන් කිසිඳු ඇමෙරිකානුවෙක්ගේ ජීවිත හානි වාර්තා නොවන බව ඇමෙරිකාව තහවුරු කළා.

(colombotimes.lk)