03 September 2025

logo

කටාර් ප්‍රහාරය ගැන ඉරානය කලින් අමෙරිකාවට දන්වයි



ප්‍රහාරයක් එල්ලවන බැවින් ඇමෙරිකාවට කඳවුරු ඉවත් කිරීමට කල්තියා ඉරානය විසින් ඉඩ සැලසූ බවට වාර්තා වනවා.

මූලික වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ කිසිදු හානියක් මෙම ප්‍රහාරයෙන් සිදුවී නොමැති බවයි.

එයට හේතුව ඉරානය සහ එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා සම්බන්ධීකරණයෙන් තුවාල අවම කිරීම සඳහා කඳවුර කල්තියා ඉවත් කිරීමට ඉඩ සැලසීමයි.

කලාපයේ විශාලතම අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ප්‍රහාරය එල්ල වීමට පෙර, කටාර් ගුවනද ගුවන් යානා වෙනුවෙන් වසා දැමුනා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ඉරාන ප්‍රහාරක් අපේක්ෂාවෙන් එක්සත් ජනපදය මැදපෙරදිග කලාපය සූදානම් කිරීම සිදු කර ඇති බවයි.


(colombotimes.lk)