04 June 2026

logo

කෝපි වගාවට රක්ෂණාවරණයක්



කෝපි වගා කිරීමේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාගත යුතු බැවින් එම නිර්දේශයට යටත්ව සිදු කරන කෝපි වගාවන්ට පමණක් රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා. 

මෙහිදී පැල සිටුවීමෙන් පසු එළඹෙන පළමු වර්ෂ 03 සඳහා ඒ වර්ෂවලට අදාළ රක්ෂිත මුදලින් 7%ක වාරික මුදලක් යටතේ රක්ෂණාවරණය නිකුත් කිරීමට නියමිතයි.

ඒ අනුව පළමු වර්ෂය සඳහා රුපියල් 510,000ක් ද දෙවන වර්ෂය සඳහා රුපියල් 660,000ක් ද, තුන්වන වර්ෂය සඳහා රුපියල් 840,000ක් වශයෙන් රක්ෂණාවරණ ලබාදීම සිදු කරනු ලබනවා. 

(colombotimes.lk)