colombotimes.lk
සිංහල | English

01 May 2024

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක් වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
(colombotimes.lk)