13 June 2026

logo

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම දින නියමයකින් තොරව කල්යයි



කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවැත්වීමට නියමිතව තිබූ 2026 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

ඒ මැදපෙරදිග වර්ධනය වී ඇති යුධමය තත්ත්වය හේතුවෙන්.

එම මහා සභා රැස්වීම කටාර් රාජ්‍යයේදී එළඹෙන මාර්තු 25වනදා සිට 27වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙන්නේ එම මහා සභා රැස්වීම එළෙඹෙන අප්‍රේල් මාසයේ වෙනත් රටක සත්කාරකත්වයෙන් පැවැත්වීමේ වැඩි ඉඩක් ඇති බවයි.

(colombotimes.lk)