22 May 2025


ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි




නව ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ලබන 13 වනදා සිට දින 03ක් පැවැත්වෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළා.

පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ග්‍රාම නිලධාරී විභාගයෙන් සමත් වූ 4232 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවීමට නියමිතයි.

 
(colombotimes.lk)