12 July 2025

logo

කොස්ගොඩ හා පානදුර වෙඩි තැබීම් ගැන අඛණ්ඩව විමර්ශන



කොස්ගොඩ සහ පානදුර වෙඩි තැබීම් සම්බන්ධයෙන් අඛණ්ඩව මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ කොස්ගොඩ මංසන්ධියේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 24 හැවිරිදි පුද්ගලයා මේ වන විට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03ක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක කළ බව පොලීසිය සඳහන් කළා. 

මේ අතර පානදුර මාලමුල්ල ප්‍රදේශයේ  සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයාද මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)