2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 226ක් රැස් කිරීමට සමත් වුණා.
මෙය වාර්තා වුණේ මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු පුවරුව ලෙසයි.
එමෙන්ම සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 200 සීමාව පසුකළ 5වන අවස්ථාව ලෙස මෙය වාර්තා වුණා.
(Colombotimes.lk)