13 June 2026

logo

යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි 03ක්



මේ වන විට පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි 03ක් ඉදිරිපත් කර තිබෙනවා. 

ඉරාන ජනාධිපතිවරයා සඳහන් කළේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. 
 
ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම එනම් ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කළ යුතු බවත් සිදු වූ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනීම වැනි කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනාගතයේදී මෙවැනි ආක්‍රමණ හෝ ප්‍රහාරයන් යළි සිදු නොවන බවට ස්ථිර ජාත්‍යන්තර ඇපකර සහ සහතිකයන් ලබාදීම ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ඉදිරිපත් කළ කොන්දේසි අතර වන බවයි.

(colombotimes.lk)