ඉරාන දූත පිරිසක් අද (09) පාකිස්ථානය බලා පිටත්ව යන බව පාකිස්ථානයේ ඉරාන තානාපතිවරයා තහවුරු කර තිබෙනවා.
ඒ ඇමරිකාව සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහායි.
දෙරට අතර පවතින යුදමය වාතාවරණය නිමා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සාකච්ඡා ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)
