04 July 2025

logo

ඉරාකය 2029දී බොරතෙල් නිෂ්පාදනයට කරන්න යන දේ



ඉරාකය 2029 වර්ෂය වන විට තෙල් නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ බව ඉරාක තෙල් අමාත්‍යාංශය ඊයේ (23) ප්‍රකාශ කළ බවයි.

ඒ අනුව දිනකට බැරල් මිලියන 6කට වඩා වැඩි කිරීමට සැළසුම් කර තිබෙනවා.

එරට තෙල් අමාත්‍යාංශයේ උප ලේකම් බාසෙම් මොහොමඩ් කොඩෙයාර් ඒජන්සියට සඳහන් කර ඇත්තේ ඉරාකය තෙල් ගවේෂණය සහ රට පුරා කැණීම් කටයුතු හරහා තම ඉලක්කය සපුරා ගැනීම අරමුණු කර ගෙන ඇති බවයි.

තෙල් ප්‍රධාන සමාගමක් වන BP (BP.L) සමඟ මෑතකදී ඇති කරගත් ගිවිසුමක් පෙන්වා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)