අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිදු කර තිබෙනවා.
ඒ අද (07) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීයි.
වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දේවල් මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරදි රැසක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස විශ්වාසභංගය යෝජනාවක් අත්සන් කර තිබෙනවා.
(colombotimes.lk)
