ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපති Alireza Tangsiri මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බන්ඩර් අබ්බාස් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරකින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාව ඔහු විසින් කරන ලද්දක් බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කර ඇති බව අදාළ වාර්තාවල සඳහන් වනවා.
එමෙන්ම ඉරානයේ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් රැසක් ද අදාළ ප්‍රහාරයෙන් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉරානය මේ දක්වා නිල වශයෙන් තහවුරු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
(colombotimes.lk)
