06 July 2025

logo

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ දිවි අහිමිවූවන් ගණන ඉහළට



ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගුවන් ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයන් ගණන 93ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

එමෙන්ම තුවාල ලැබූ ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ හිඟවීම හේතුවෙන් බලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද විදෙස් වාර්තාවල සඳහන්.  

මේ අතර ගාසා තීරයේ ආහාර අර්බුදයද තවදුරටත් උග්‍ර වී තිබෙනවා.

(colombotimes.lk)