13 July 2025

logo

ඊශ්‍රායල හමුදා ගාසා රෝහලකට කඩා වදී



ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ විශාලතම රෝහල වන Khan Younisහි නසාර් රෝහල වෙත කඩා වැදී තිබෙනවා.

ඒ, එම රෝහලේ රෝගීන් අතර හමාස් සටන් කාමීන් සැඟව සිටින බවට චෝදනා කරමින්.

එහිදී ඊශ්‍රායල හමුදාව සහ හමාස් සටන්කාමීන් අතර වෙඩි හුවමාරු ගණනාවක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් ආහාර සහ ඖෂධ නොමැතිව රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සඳහන් වනවා.
(colombotimes.lk)