දිවයින පුරා පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ සහ මඟුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඉදිරි පැය 48ක් දක්වා බලපැවැත්වෙන පරිදි බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් සඳහා මෙම අනතුරු ඇඟවීම් සිදු කර තිබෙන බවයි.
මේ පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 
(colombotimes.lk)
