06 July 2025

logo

ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි



ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිව වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසනවා. 

එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කළේ පසුගිය 03වනදා සිට ඇති වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් අත්හිටුවා ඇති බවයි. 

ඒ අනුව මෙම සේවාවන් එළඹෙන 09වනදා දක්වා ක්‍රියා විරහිතව පවතින බවද එම ආයතනය පවසනවා. 

එම ආයතනය සඳහන් කළේ මෙලෙස ක්‍රියා විරහිත වී ඇති පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට එම ආයතනය කටයුතු කරමින් පවතින බවයි. 

(colombotimes.lk)