18 May 2026

logo

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු ජනපතිගේ අවධානයට



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී 2025 අයවැය යෝජනා මඟින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳවද එහිදී අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.

(colombotimes.lk)