JN 1 කොවිඩ් ප්‍රභේදය මේ වන විට ඉන්දියාව, අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකින් වාර්තා වී ඇති අතර, ශීත ඍතුවත් සමඟ එහි ව්‍යාප්තිය ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම නව කොවිඩ් ප්‍රභේදය පළමු වරට ඇමෙරිකාවෙන් හඳුනාගෙන තිබුණා.
කෙසේවෙතත් රටවල් කිහිපයක ව්‍යාප්ත වී ඇති JN 1 නව කොවිඩ් උප ප්‍රභේදය හේතුවෙන් මහජන සෞඛ්‍යයට එල්ල වන බලපෑම අවම මට්ටමක පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත්තේ.
මේ දක්වා සිදු කරන ලද පර්යේෂණවලින් ඒ බව තහවුරු වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙනවා.
මේ අතර, කේරළ ප්‍රාන්තයෙන් ඉන්දියාවේ ව්‍යාප්තිය ආරම්භ වූ JN වන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත වුවන් 614 දෙනෙකු ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වී තිබෙනවා. එය පසුගිය මැයි මස 21 වැනි දාට පසු ව ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වීම විශේෂත්වයක්.
(colombotimes.lk)