13 December 2025

logo

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු ගැන දැනුම්දෙයි



අද (09) අලුයම අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතයි.

එදින සවස 3ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දී තිබෙනවා.

මේ අතර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද සවස අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් ඇති බව දැනුම්දෙනවා.
(colombotimes.lk)

May be an image of 1 person and text