තමන් ඇතුළු සිය කණ්ඩාම සමගි ජන සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ප්‍රකාශ කළා.
ඒ ඊයේ (16) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සමගි ජන බලවේගය තුළ තවදුරටත් රැඳෙමින් සිය පාක්ෂිකයන්, ක්‍රියාකාරීන් හිටපු ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ දේශපාලන අනාගතය විනාශ වීමට ඉඩ නොදී මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම තමාට පක්ෂයේ විවිධ සංවිධායක ධූර ලබා දුන්නද එම එක් පත්වීමක්වත් යථාර්තයක් බවට පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කටයුතු නොකළ බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)