03 May 2026

logo

ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි



DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙක් වූ ඇමරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

ඔහු මිය යන විට 97වන වියේ පසුවුණා.  

20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් ලෙසින් පිළිගැනෙන DNAහී ද්විත්ව හෙලික්සීය ඔහු බ්‍රිතාන්‍ය විද්‍යාඥ ෆ්‍රැන්සිස් ක්‍රික් සමඟ එක්ව 1953 වසරේදී සොයාගෙන තිබෙනවා.
 
ඔවුන් දෙදෙනාගේ මෙම සොයාගැනීම අණුක ජීව විද්‍යාවේ වේගවත් දියුණුවට ප්‍රධාන වේදිකාවක් වුණා. 

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා 1962 වසරේදී නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

(colombotimes.lk)