2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
මෙහිදී තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් ශතකයක් වාර්තා කිරීමට තිලක් වර්මා සමත්වුණා.
ඔහු මෙම ශතකය වාර්තා කිරීම සඳහා වැය කළේ පන්දු 45ක් පමණයි.
ඒ අනුව IPL ක්‍රිකට් ඉතිහාසයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත්ම ශතකය වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය සමඟ සමතැන් ගනිමින් ඉතිහාසය ගත වීමට ඔහු සමත් වුණා.
සනත් ජයසූරිය 2008 වසරේදී චෙන්නායි කණ්ඩායමට එරෙහිව පන්දු 45කින් ශතකයක් වාර්තා කර තිබෙනවා.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 199ක් රැස් කිරීමට සමත්වුණා.
(colombotimes.lk)