30 May 2026

logo

ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප



ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කළ බවට වන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 

ඒ අදාළ නඩුව අද (24) වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. 

එහිදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුව රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 04ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. 

(colombotimes.lk)