02 July 2025

logo

ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවතට



ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න එම නඩු විභාගයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු ඒ බව අද (27) දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.

සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයන් දෙදෙනෙක් විසින් තමන් සම්බන්ධයෙන් Facebookහී පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් එම තීන්දුව ගත් බවත් විනිසුරු මංජුල තිලකරත්න විවෘත අධිකරණයේදී දැනුම් දී තිබෙනවා.

ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙක් නම් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවට යොමු කරන බවයි.

(colombotimes.lk)