මහනුවර අධිකරණයේ බෝම්බය බොරුවක් වෙයි



මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් තිබෙන බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
 
එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක් දියත් කළා.

නමුත් එසේ කිසිඳු බෝම්බයක් හමු නොවූ බවයි පොලීසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් පොලීසියට ව්‍යාජ දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.    

(colombotimes.lk)