අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 3ක් නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.
අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව ජනක් ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
(COLOMBOTIMES.LK)
