පිටකොටුවේ ඉදි කරමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ (06) රාත්‍රියේ හටගත් ගින්න පාලනය කර තිබෙනවා.
කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහි 34 වන සහ 35 වන මහල්වල ගින්න හටගත් බවයි.
එම මහල්වල තිබූ දැවමය පුවරුවල ගින්න හටගෙන තිබෙනවා.
කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 8ක් යොදවූ බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)