නව ත්‍රිවිධ හමුදාපතිවරු ඊයේ (06) ජනාධිපති අනුර කුමාර දිසානායකව හමුවී තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මෙලෙස ජනාධිපතිවරයාව හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
ධූරයට පත්වීමෙන් පසු ත්‍රිවිධ හමුදාපතිවරු සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වී ඇති අතර ඔහු වෙත සමරු තිළිණ පිළිගැන්වීමද සිදු කර තිබෙනවා.
(colombotimes.lk)