07 February 2025


හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (06) මිනුවන්ගොඩ පොලිස් වසමේ ඇස්සැන්නවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)