බේරේ වැව ප්‍රතිස්ථාපනය සඳහා මුල පිරීමේ ව්‍යාපෘතියක් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සංවිධායකත්වයෙන් ඊයේ (06) ආරම්භ වී තිබෙනවා.
ඒ රජය විසින් ක්‍රියාත්මක කරන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේයි.
ඒ සඳහා නාවික හමුදා යාත්‍රා සහ ශ්‍රම දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙනවා.
එම පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය මඟින් බේරේ වැවේ ජෛව විවිධත්වය සුරැකීම, අලංකාරත්වය වැඩි වර්ධනය කිරීම සහ අපද්‍රව්‍ය ක්‍රමවත්ව ඉවත් කිරීමත්, සංචාරක ආකර්ෂණය දිනා ගැනීමත් අපේක්‍ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)