08 February 2025


යාපනයට පාස්පෝට් කාර්යාලයක්



මේ වන විට පවතින විදෙස් ගමන් බලපත්‍ර ගැටලුවට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් යාපනයේ නව ආගමන විගමන කාර්යාලයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
 
ඔහු මේ බව කියා සිටියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණයද වැඩි කිරීමට තීරණය කළ බවද එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.  

(colombotimes.lk)