23 January 2026

logo

පාකිස්ථානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්



ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්ථාන පාපන්දු සම්මේලනයේ  (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

FIFA විසින් වසර 8ක් තුළ පාකිස්ථානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි.

ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව පාකිස්ථාන පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපොහොසත් වීම මෙයට හේතු වී තිබෙනවා.

ඒ අනුව FIFA නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් පාකිස්ථානයේ මෙම තහනම බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)