අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (07) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිරිමුතු උයන මහල් නිවාස අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)