18 September 2025

logo

LPL 2024 - JK Vs KF | වනිඳුගේ තීරණයට චන්දිමාල් සාධාරණයක් ඉටු කරයි



LPL තරගාවලියේ Jaffna Kings කණ්ඩායමට එරෙහිව අද (09) පැවති තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.   

තරගයේ පළමුව පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 224ක් රැස් කළා.

එහිදී පැතුම් නිස්සංක පන්දු 59කින් ලකුණු 119ක් ලබා ගත්තා.

ලකුණු 225ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය Kandy Falcons කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් තුළ කඩුලු 3ක් දැවී තරගයේ ජය හිමි කරගත්තා.

එහිදී වේගවත් ඉනිම් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් පන්දු 37කින් ලකුණු 89ක් සහ කමිඳු මෙන්ඩිස් පන්දු 36කින් ලකුණු 65ක් රැස් කළා.
 
(colombotimes.lk)