colombotimes.lk
සිංහල | English

18 October 2024


LPL 2024 - KF Vs DS | වාර්තා අලුත් කරමින් නුවරෙන් දඹුල්ලට දැවැන්ත ඉලක්කයක්



ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Dambulla Sixers කණ්ඩායම සහ Kandy Falcons කණ්ඩායම අතර තරගය මේ වන විට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Dambulla Sixers කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 222ක් රැස් කරගත්තා.

එය වාර්තා අතර එක් වුණේ මෙම ක්‍රීඩාංගණයේ LPL ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එහිදී Andre Fletcher ලකුණු 60ක් සහ Kamindu Mendis මෙන්ඩිස් ලකුණු 51ක් රැස් කළා.

එමෙන්ම අවසන් පන්දුවාරයේදී හයේ පහර 4ක් එල්ල කළ Angelo Mathews ලකුණු 44ක් රැස් කරගත්තා.

පන්දු යැවීමේදී Dushan Hemantha ලකුණු 14කට කඩුලු 3ක් බිඳ හෙලුවා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා Dambulla Sixers කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 223ක්.

(colombotimes.lk)