colombotimes.lk
සිංහල | English

08 September 2024


LPL 2024 - Semi Final | පළමු අවසන් පූර්ව තරගයට උතුරත් දකුණත් තරග බිමට



ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (18) පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ, LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටින Galle Marvels කණ්ඩායම සහ දෙවන ස්ථානයේ රැඳී සිටින Jaffna Kings කණ්ඩායම අතරයි.

මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම එළඹෙන 21 වනදා පැවැත්වෙන LPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර පරාජයට පත් වන කණ්ඩායමට අවසන් මහා තරගට සුදුසුකම් ලබා ගැනීමට තවත් එක් අවස්ථාවක් හිමි වනවා.

ඒ, අද රාත්‍රියේ පැවැත්වෙන Eliminator තරගයේදී ජයග්‍රහණය කරන කණ්ඩායම සමඟ දෙවන අවසන් පූර්ව වටයේදී ක්‍රීඩා කර ජයග්‍රහණය කිරීමෙන්.

(colombotimes.lk)