03 February 2025


LPL තරගාවලිය අද ඇරඹෙයි



2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භ වනවා. 

ඒ අනුව අද සවස 5.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී උත්කර්ශවත්ව ආරම්භ වීමට නියමිතයි. 

මූලික වටයේ තරග 20න් තරග 12ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, තරග 8ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. 
 
අද සිට අගෝස්තු 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ සමාරම්භක තරගය මෙතෙක් පැවැති තරගාවලි ත්‍රිත්වයේම ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)