02 February 2025


හෙරොයින් සමඟ සැකකරුවෙක් කොටුවෙයි



ගල්කිස්ස පොලිස් වසමේ ඔඩියන් හංදියේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින්.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

(colombotimes.lk)